Thursday, April 30, 2009
බක්මහ අසිිරිය - 2009
නව වසරක් එළඹුණේය
තුටු සිතිවිලි නැංවුනේය
සාමය සමගිය පිරිපුන්
දෑ සුබපැතුමන් ගෙනේය
සරු කරමින් රංකෙත
දොරින් දොරට දෙයි බැත
සිරිකත වඩිමින් නිරතුරු
පිසෙයි නිවසෙ කිරි බත
බත බුලතින් සරු වෙලා
සාමය තහවුරු වෙලා
මෙවර අලූත් අවුරුද්දට
මුලූ රට දැය තුටු වෙලා
පල බර වුණු බක් මාසේ
සතුටකි හෙල බිම වාසේ
රබන් සුරල් හැ`ඩවෙන විට
යහපත ගෙනදෙයි බෝසේ
එරබදු තුරු රතු වෙලා
මුළු පෙදෙසම ඔප වෙලා
කෝකිල කූජනය ඇසෙයි
සැම දෙසවන් පිනවලා
පතමු සැමට සුව සෙත
කරමින් නිති යහපත
මුදු සිතිවිලි අතරින් අප
රකිමු පිරුණු පිළිවෙත
සතුට සැපත බෙද බෙදා
තිබුණ වැරදි හද හදා
දැය දෙසය නංවන්නට
බැඳෙමු එකට සිත් සදා
ජාති බේද දුරලලා
රට නව මගකට වෙලා
ඇති අවහිර පිටු පාමින්
මුලූ රට දැය එක් කළා
2009-04-14
අගයාවී ඔබ
රටට දැයට කර ආලය
විරුවන් ලඟ ඇත ලීලය
රුපු සෙන් බිද හැර ලන්නට
යොදවයි නිරතුරු කාලය
මගෙ රට මගෙ දැය කියන්න
රුපුසෙන් බිද පෙරට යන්න
තිර අදිටන කර චිත්තේ
වෙර වීරිය හිතට ගන්න
සවිමත් බව පෙන්නාලා
එඩි සිතිවිලි නංවාලා
පෙරට ඇදෙන රණවිරුවන්
යයි රණ හඩ නංවාලා
පෙන්නුවෙ රණවිරු බලේය
මේ පිරිවර හෙළ කුලේය
පෙරට ඇදෙන සිංහලයන්
දැක, රුපුසෙන් මඟ හැලේය
අවියට අවි ගැටෙන්නේය
රුපු සේනා බිදෙන්නේය
හෙළදීපය මගෙය කියා
සිහලූන් දිරි නගන්නේය
විරුවන් අද රණ බිමේය
රටදැය ආලෙන් තෙමේය
හිරිහැර කරදර මැද්දෙන්
ජයගෙන සතුරගෙ ඉමේය
රණ විරුවන් අගයන්නයි
අභිමානය පතුරන්නයි
දළදා සමිදුගෙ පිහිටෙන්
සැම විරුවන් රැකදෙන්නයි
අප යුතුකම දිරිය දෙන්න
හො`දනැහැ තව කල් හරින්න
හෙල දීපය අපේ කියා
ඕනෑමය ජය ලබන්න
ජනපති සවියක් දුන්නේ
ඒකයි පෙරටම යන්නේ
සිහලේ සිටි ගැමුණු පුතා
ලෙස ඉතිහසෙ ලියැවෙන්නේ
රජ කිරුළද රැක දේවී
සිංහලයන් සැනසේවී
අපේ උරුම කමරැකුනම
මතු පරපුර අගයාවී
2008-12-06
නනිදසිරි
*******මේකේ සඤ්ඤක type කරන්නේ කොහොමද?***********
ඔන්න මමත් බ්ලොග් එකක් හැදුවා.
ඔන්න මමත් බ්ලොග් එකක් හැදුවා.
මගේ විනෝදාංශය අහුවෙන තැනක අහුවෙන දේකින් කවි , විරිද්ර ලිවීමයි
ඒවා තමයි මේකෙ දාන්න බලාපොරොත්තුව.
ඔයාලගේ අදහස් නම් මට හුගක්ම ඕන වේවි
Typing තාම හරියට බෑ.
මේකටත් පැය බාගයක් විතර ගියා.
**********සැරදේවා***********
මගේ විනෝදාංශය අහුවෙන තැනක අහුවෙන දේකින් කවි , විරිද්ර ලිවීමයි
ඒවා තමයි මේකෙ දාන්න බලාපොරොත්තුව.
ඔයාලගේ අදහස් නම් මට හුගක්ම ඕන වේවි
Typing තාම හරියට බෑ.
මේකටත් පැය බාගයක් විතර ගියා.
**********සැරදේවා***********
Subscribe to:
Posts (Atom)