Thursday, April 30, 2009

අගයාවී ඔබ



රටට දැයට කර ආලය
විරුවන් ලඟ ඇත ලීලය
රුපු සෙන් බිද හැර ලන්නට
යොදවයි නිරතුරු කාලය

මගෙ රට මගෙ දැය කියන්න
රුපුසෙන් බිද පෙරට යන්න
තිර අදිටන කර චිත්තේ
වෙර වීරිය හිතට ගන්න

සවිමත් බව පෙන්නාලා
එඩි සිතිවිලි නංවාලා
පෙරට ඇදෙන රණවිරුවන්
යයි රණ හඩ නංවාලා

පෙන්නුවෙ රණවිරු බලේය
මේ පිරිවර හෙළ කුලේය
පෙරට ඇදෙන සිංහලයන්
දැක, රුපුසෙන් මඟ හැලේය

අවියට අවි ගැටෙන්නේය
රුපු සේනා බිදෙන්නේය
හෙළදීපය මගෙය කියා
සිහලූන් දිරි නගන්නේය

විරුවන් අද රණ බිමේය
රටදැය ආලෙන් තෙමේය
හිරිහැර කරදර මැද්දෙන්
ජයගෙන සතුරගෙ ඉමේය

රණ විරුවන් අගයන්නයි
අභිමානය පතුරන්නයි
දළදා සමිදුගෙ පිහිටෙන්
සැම විරුවන් රැකදෙන්නයි

අප යුතුකම දිරිය දෙන්න
හො`දනැහැ තව කල් හරින්න
හෙල දීපය අපේ කියා
ඕනෑමය ජය ලබන්න

ජනපති සවියක් දුන්නේ
ඒකයි පෙරටම යන්නේ
සිහලේ සිටි ගැමුණු පුතා
ලෙස ඉතිහසෙ ලියැවෙන්නේ

රජ කිරුළද රැක දේවී
සිංහලයන් සැනසේවී
අපේ උරුම කමරැකුනම
මතු පරපුර අගයාවී

2008-12-06
නනිදසිරි

*******මේකේ සඤ්ඤක type කරන්නේ කොහොමද?***********


No comments:

Post a Comment